දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පෙරවරුවේදී පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයට අනුවයි. මෙම සාකච්ඡාවට දුම්රිය නියාමක සංගම් ද එක්ව සිටියා.
දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකට දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග විදුලි කාර්මිකයන් පෙරේදා සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමටයි සිදුවුණේ.
විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ පස්වරුවේත් තැපැල් දුම්රිය 5 ක් ඇතුළු ගමන්වාර 20 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

