හෙට්ටිපොල වෙඩි පත්තු වෙයි

හෙට්ටිපොල වෙඩි පත්තු වෙයි

හෙට්ටිපොල – කුලියාපිටිය මාර්ගයේ කුරුඳුකුඹුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලේ මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි හෙට්ටිපොල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.