පළමු රන්දෝලි පෙරහැර අද

පළමු රන්දෝලි පෙරහැර අද

මහ­නු­වර ඇසළ මංග­ල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙර­හර අද (26) වීදි සංචා­රය කරයි. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් දකුණු දිශා­භි­මු­ඛව රාත්‍රී 7.26ට පිටත් වන පෙර­හර දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදියේ ගමන් කර යළි ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට
නිය­මිතය.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.