පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (26) වීදි සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.26ට පිටත් වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදියේ ගමන් කර යළි ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට
නියමිතය.
එමෙන්ම අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

