පවුල් ලක්ෂ 8කට අස්වැසුම ප්‍රතිලාභ අද බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම අද (28) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස හඳුනාගත් පවුල් ලක්ෂ 15ක් අතරින් පවුල් ලක්ෂ 8ක් සඳහා පළමු වාරිකය අද (28) දිනයේ බැංකුගත කරන බවත්, එම මුදල් හෙට (29) හෝ අනිද්දා (30) දිනවල සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන බවයි.

