වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා හැර වාහන ගෙන්වා නැහැ

වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා හැර වාහන ගෙන්වා නැහැ

වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සදහා පමණක් වාහන 6900 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට රැගෙන ඒම සදහා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම වාහනද මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ 2020 වසරේදී ආනයනය සීමා පැනවීමෙන් පසුව බවයි ඔහු කියා සිටියේ.

අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති පරිදි ආනයන සීමා පනවා ඇති කාලවකවානුව තුළ වංචනික ආකාරයෙන් වාහන 5000ක් පමණ ආනයනය කර ඇති බවට පල වු වාර්තා පිළිබඳව යටියන්තොට ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

COMMENTS