උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මිල දර්ශක මත පදනම් වු උද්ධමනය පිළිබඳ නවතම සංඛ්‍ය ලේඛන ප්‍රකාශයට පත්කොට තිබෙනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේ සියයට 04 ක් දක්වා අඩුවී තිබෙනවා.
ජුලි මාසයේ එය දැක්වුණේ සියයට 6.3 ලෙසයි. එමෙන්ම ජුලි මාසයේදී සියයට සෘණ 1.04 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට සෘණ 04.8 ක් දක්වා පහත බැස තිබෙනවා.
ජූලි මාසයේ සියයට 10.5 ක් පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 8.7 ක් දක්වා අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

