තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6කට හෙට මුදල්

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6කට හෙට මුදල්

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවය.

මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුවේ.

විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් ඊයේ (30) දිනයේ රාජ්‍ය බැංකු විවෘත කර තිබුණි.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවු අතර ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කෙරුණි.