බස් ගාස්තුවත් ඉහළට

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.01% කින් වැඩි කිරීමටයි කටයුතු යොදා තිබෙනවා.
2023/08/31 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 306/= සිට රුපියල් 341/= දක්වා රුපියල් 35/= කින් වැඩි කිරීම හේතු වෙන් ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිළ සූත්‍රයට අනුව ගැලපු විට බස් ගාස්තු සංශෝධනයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් අවසරදී ඇති බවයි වාර්තා වෙන්නේ.
නමුත් රුපියල් 30/= ක් වු අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.



