QR ක්‍රමය ඉවතට

ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්ධන හිඟයත් සමඟ බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා.
අදාළ ක්‍රමවේදය පසුගිය කාලය පුරාවටම ඉන්ධන නිකුත් කිරීමේදී ක්‍රියාත්මක වූ අතර මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් නිරන්තරයෙන් චෝදනා ද එල්ල වුණා.

