ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 106.3ක වැඩිම වර්ෂාපතනයක් කොළඹින් සහ ලබුගමින් වාර්තා වී තිබෙනවා.

මේ වන විට දකුණු පළාතට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසන්නේ අකුරැස්ස ඇතුළු ප්‍රදේශවලට දින දෙකක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටමත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.