A/L විභාගයේ ප්‍රතිපල එළියට

A/L විභාගයේ ප්‍රතිපල එළියට

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වූවා.

ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වී තිබෙනවා.

මෙවර විභාගයට මුහුණ දුන් අපේක්ෂකයින්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය හරහා ද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් සපුරා ඇති බවයි වාර්තා වන්නේ.

http://tinyurl.com/mrv2c2e5