ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වීය.

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණි.

අසාද් මවුලානා යනු, මෙරට මූල්‍ය චෝදනාවලට ලක්ව මේ වන විට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙකි.

මෙම වාර්තා වැඩසටහන මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ එහි දී වැඩි කාලයක් එම වීඩියෝවෙන් වෙන් කර තිබූ අතර, අසාද් මවුලානා ද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණි.

COMMENTS