දයාසිරි මහ පුටුවෙන් බස්සයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරය අත්හිටුවා තිබේ.
දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි.
මේ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළේය.
දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් මගින් තමන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.

