රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න දෙන්නේ නැහැ – ජනපති

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න දෙන්නේ නැහැ – ජනපති

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඉඩ නොතබා එය නීතිගත කරමින් එක් ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ඒ මහතා මෙම අදහස් පල කළේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට එක් වෙමින්

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ කියුබාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ , G77 රාජ්‍යනායක සමුළුව ඇමතීම වෙනුවෙන් ය.

සමුළුව ලබන 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වෙයි.

සමුළුවේ මෙවර තේමාව වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරයයි.

G77 රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් මහතාගේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගි වෙයි.

G77 රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134 කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායමයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ජනාධිපතිවරයා සමග මෙම සමුළුවට සහභාගි වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

COMMENTS