Channel 04 චෝදනාව ගැන ශෝඨාභය කතා කරයි

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම මාධ්‍ය නිවේදනයෙන් හිටපු ජනපතිවරයා සඳහන් කර සිටින්නේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය අනුගාමිකයෙක් ලෙස Channel 04 නාලිකාව විසින් හඳුන්වා දීම නිවැරදි නොවන බවයි.
මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු බව සිය නිවේදනය හරහා හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටිනවා.
එමෙන්ම 2015 වසරේ දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව 2019 දී ජනාධිපති ධූරයට පත්වන තෙක්ම තමා සහ සුරේෂ් සලේ අතර කිසිඳු සම්බන්ධතාවයක් නොතිබූ බවද හිටපු ජනපතිවරයාගේ නිවේදනයේ සඳහන්.
2018 වසරේ දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අතර හමුව සිදුවූවා යැයි කියන සමයේ තමන් මැලේසියාවේ සිටි බව සුරේෂ් සලේ විසින් Channel 04 නාලිකාව වෙත දන්වා ඇති බවද හිටපු ජනපති ගෝඨාභය සඳහන් කර තිබෙනවා. ඒ අනුව, එම හමුව පිළිබඳව පැවසෙන කරුණු ගොතන ලද කතාවක් බවද මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
2015 – 2019 සමයේ ආණ්ඩුව විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පවසන හිටපු ජනපතිවරයා එවන් සමයක හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශ හාස්‍යයට කරුණක් බවත් මෙම නිවේදනයේ සඳහන්.
පාස්කු දා ප්‍රහාරයට පෙර සමයේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් 2016 දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් කළ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් පිළිබඳව කළ හෙළිදරව්ව, 2018 දෙසැම්බර් මාවනැල්ලේදී බුදු පිලිමවලට පහරදීම පිළිබඳ සිදුවීම, 2018 අගෝස්තු පුපුරණ ද්‍රව්‍යය අත්හදා බැලීමකදී සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ ‘රිල්වාන්’ තුවාල ලැබීම ආදී සිදුවීම් ගැන නිසි පරීක්ෂණ සිදුවූයේ නම් පාස්කු දා ප්‍රහාරය වැළැක්වීමට ඉඩ තිබුණු බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරනවා.
මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්යක්ෂ ශානි අබේසේකර දේශපාලඥයෙකු සමඟ කුමන්ත්‍රණය කළ බවට හඬපටවලින් හෙළිව තිබූ පසුබිමක ඔහුව තනතුරෙන් ඉවත් කළ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි වෙනත් කිසිඳු පොලිස් නිලධාරියෙකු තම විසින් ස්ථාන මාරු නොකළ බවද හිටපු ජනපතිවරයා සිය මාධ්‍ය නිවේදනය හරහා සඳහන් කර තිබෙනවා.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් හට බාරදුන් පසු තමන් එය ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බව Channel 04 නාලිකාව විසින් පැවසීම අමූලික බොරුවක් බවත්, එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව මෙරට සියලු දෙනා දන්නා බවත් හිටපු ජනපතිවරයා සිය මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
යම්යම් පුද්ගලයින් දේශපාලන ස්ථාවරයක සිට තමාට එරෙහිව චෝදනා එල්ල කළ ද තමා රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක් ම පෞද්ගලිකව සිදුකර ඇති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයේ සඳහන්ව ඇත.
එම නිවේදනය පහතින් දැක්වෙයි,





