දයාසිරිගේ පැමිණිල්ලට උසාවියෙන් තීරණයක්

දයාසිරිගේ පැමිණිල්ලට උසාවියෙන් තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (08) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව නිදහස් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අහියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර විසින් ගොනු කළ පැමිණිල්ල සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දයාසිරි ජයසේකර දැරූ පක්ෂ මහ ලේකම් ධූරය සඳහා නිදහස් පක්ෂය විසින් පත් කළ සරත් ඒකනායකට එම ධූරයේ කටයුතු කිරීම ද වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන්.

COMMENTS