කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය වෙයි

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (09) වැඩි ඡන්දයෙන් පරාජය විය.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 73 කි.

ඊට විපක්ෂව ඡන්ද 113 ක් ලැබුණි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 40 කිනි.

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තිබේ.

ඒ, සමගි ජන බලවේගය විසිනි.