දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ කන්කසන්තුරේ – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

මෙම දුම්රිය වේයන්ගොඩ සහ ගම්පහ අතර කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

අද (08) පෙරවරු 4.30ට පමණ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මාර්ගයකට පමණක් සීමාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

COMMENTS