වංචනික ක්‍රියාවන්ට හසු නොවන්න – තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

වංචනික ක්‍රියාවන්ට හසු නොවන්න – තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරවා.

ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව අවභාවිත කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

COMMENTS