සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් – ජනපති (Video)

රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කොළඹ ජෝශෆ් ෆ්‍රෙසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුමට පෙරේදා (සැප්. 9) එක් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මහ භාණ්ඩාගාරයේ සිටින රෝගියෙකු පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් පළ කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේ, තමන් මේ දිනවල වෛද්‍යවරයෙකු ලෙස මරණයට ආසන්නව සිටින රෝගියෙකු මුදා ගනිමින් සිටින බව ය.
අවාසනාවකට එම රෝගියා භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති පැවසීය.
වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

