ස්පා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ඩයනාගෙන් ඉල්ලීමක්

ස්පා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ඩයනාගෙන් ඉල්ලීමක්

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල සම්භාහන (ස්පා) ආයතන 625ක් තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රුස්වූ රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවේදීයි.

එහිදී ඇය කියා සිටියේ, මෙම සම්භාහන (ස්පා) විධිමත් ලෙස පවත්වාගෙන යාමට නම් ඒවායේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු බවයි.

ඒ, අනුව අදාල ස්පා වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු බැගින් පත් කරන ලෙසද ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ එම ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ, ස්පා සඳහා වෛද්‍යවරුන් අනවශ්‍ය බවත් ඒවායේ පුහුණු කාර්ය මණ්ඩල සේවය සපයන බවත්ය.

COMMENTS