දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැස්ට්ටුවක් එළියට

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැස්ට්ටුවක් එළියට

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

දිනෙන් දින ආරම්භ කෙරෙන දුම්රිය වැඩ වර්ජන නිසා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වූයේ.

COMMENTS