පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. මේ වන විට අපේ විශ්වවිද්‍යාල 11ක් තියෙනවා. ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිටවෙන කණ්ඩායම් ලෝකයටත් අපිට දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ.

මම සෞඛ්‍ය ඇමැති විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහිකරන්න අවසරය දීලා තියෙනවා. ඒ අය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ඇමැතිවරයා කියා සිටියේය

COMMENTS