රියදුරු වර්ජනයෙන් දුම්රිය කිහිපයක් අවලංගුයි

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ.
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් අවලංගු වී ඇති බවය.
එමෙන්ම කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ.
මේ වන විට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට දුම්රිය පැමිණෙන බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේය.

