රිළවුන්ට වඳ සැත්කම්

දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියම් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ, ඕවිලිකන්ද – මකුලේමඩ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීයි.
රිළා උවදුර මේ වන විට ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් කී ඔහු, භෝග වගාවන්ද විනාශ කර දමන බවත්, අදාළ උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට කටයුතු කරන බවයි ඔහු එහිදී පැවසුවේ.

