දෛනිකව ස්වයංක්‍රිය ලෙස ඉන්ධන මිල සංශෝධනයට තීරණයක්

දෛනිකව ස්වයංක්‍රිය ලෙස ඉන්ධන මිල සංශෝධනයට තීරණයක්

ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ , විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග පැවති සාකච්ඡාවකිදී ය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම මෙන්ම නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු හා ලිහිසි තෙල් අලෙවිය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සියලුම ඉන්ධන හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට එහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

COMMENTS