වර්ජනයේ නිරත ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන්ට විශේෂ නිවේදනයක්

වර්ජනයේ නිරත ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන්ට විශේෂ නිවේදනයක්

වර්ජනයේ නිරත දුම්රිය ලොකොමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

එසේ නොකරන්නේ නම් ඔවුන් නියමිත තනතුරුවලින් ඉවත් වී සේවය අතහැර ගියා සේ සලකන බවයි.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඊයේ (12) දින අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියාව පමණක් නොව ඔවුන්ගේ දේපළ පවා රාජසන්තක වීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පවසයි.

උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වු අතර ඊයේ (12) දිනයේ පමණක් දුම්රිය ගමන් වාර 119ක් අවලංගු වී තිබුණි.