හෙළ වෙදකම ජනප්‍රිය කරවීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක්

හෙළ වෙදකම ජනප්‍රිය කරවීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක්

හෙළ වෙදකම වඩාත් ජනප්‍රිය කරවීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා.

ව්‍යාපෘතිය යටතේ අපේ කම නමින් අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ලබන 29 /30 හා ඔක්තෝබර් 01 වනදා කිරිල්වල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඔසුපැල මෙන්ම දේශීය නිෂ්පාදන රැසක් එක් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී හෙළි වුණා.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්වයි මෙය සංවිධාන කරන්නේ.

නොමිලේ වෛද්‍ය සේවා සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්.

COMMENTS