කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේ මෙරටට

කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය පවසනවා.
යුනිසෙෆ් සංවිධානය හරහා ඒවා ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.
කහ උණ සඳහා ලබාදෙන එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වී තිබෙනවා.
අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියළුදෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය අතර එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡාවට පත් කෙරුණා.
එවන් පසුබිමකයි මෙලෙස කඩිනමින් කහ උණ එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.

