සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ හයක මිල බස්සයි

මෙම මිල පහළ දැමීම අද (20) දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දිවයින පුරා ඇති සියලු සතොස අළෙවිසැල් මගින් මෙම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
එම මිල අඩු කිරීම් පහතින්,
*සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි.
*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි.
*සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.
*දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.
*ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.
*රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.


