උප්පැන්න, විවාහ සහ මරණ සහතික වල දෝෂ තිබුනොත් නිලධාරීන්ට වැඩ වරදී

උප්පැන්න, විවාහ සහ මරණ සහතික වල දෝෂ තිබුනොත් නිලධාරීන්ට වැඩ වරදී

නිලධාරීන්ගේ වරදින් උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල දෝෂයක් සිදු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ඊයේ පැවති ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි. එහිදී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කර ඇත්තේ අදාල සහතිකවල මුල්පිටපත්වල දෝෂ වලක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.