බම්බලපිටියට නව පාලමක් ඉදිකරන්නැයි ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි

බම්බලපිටියට නව පාලමක් ඉදිකරන්නැයි ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බවය.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථිර පාලමක් ඉදිකරන තුරු දින 10ක් ඇතුලත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදි කරන්නැයිද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට මෙම ව්‍යාපෘතිය බාර දී තිබේ.

COMMENTS