ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය අද අරඹයි

ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය අද අරඹයි

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා මගී යාත්‍රා සේවාව අද (14) ආරම්භ කර තිබෙනවා.

මීට පෙර මෙම මූලික උත්සවය දෙවරක් කල් දැමුණා.

මේ තත්ත්වය යටතේ අද (14) උදෑසන 7ට මෙම මගී නෞකාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිල්ලි නුවර දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මගින් මගී නෞකා ප්‍රවාහනය විවෘත කර තිබෙනවා.

නාගපට්ටිනම් සිට කන්කසන්තුර වරාය දක්වා ගමනට ආසන්න වශයෙන් පැය හතරක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එක් පැත්තකට ප්‍රවේශ පත්‍රයක මිල ශ්‍රී ලංකා රුපියල් 26,750ක් වන අතර, වට සංචාර ප්‍රවේශ පත්‍රයක මිල ශ්‍රී ලංකා රුපියල් 53,500 ක් බවයි සඳහන් වන්නේ.