නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට ලබන මාසයේ සිට වන්දි

යල කන්නයේ නියඟයෙන් පීඩාවට පත් වූ ගොවීන් සඳහා ලබන මාසයේ සිට වන්දි ලබා දීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අයහපත් කාලගුණ තත්ත්වය මත යල කන්නයේ අක්කර 58,770 ක වී සහ වෙනත් භෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් බලපෑමට ලක්වු ගොවීන් 53,965 කට වන්දී ගෙවීමටයි පසුගියදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේ.
ඒ සදහා රුපියල් මිලියන 12,000 ක පමණ මුදලක් වැය වන බවයි වවුනියාවේ ඊයේ (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කොට සිටියේ.

