කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් ගොඩනැගිලි කිහිපයක් හඳුනා ගැනේ

කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් ගොඩනැගිලි කිහිපයක් හඳුනා ගැනේ

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 ක් හඳුනාගෙන තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයි ඒ බව සඳහන් කළේ.

තම ආයතනය විසින් පරීක්ෂාවට ලක් කළ මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 27 ක් අතරින් මෙම අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 හඳුනා ගෙන ඇති බව එම සංවිධානයේ සභාපති ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළා.

රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසූරිය මහතා පැවසුවේ.