ආණ්ඩුවට ජනමතයක් නෑ – ජී. එල්. පීරිස්

වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක්රමයේ වෙනස්කම් කරන්නේ මහජනතාවගේ සුබ සිද්ධිය පතා නොව ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සමස්ත රටේම කතිකාවක් ගොඩනැගී ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ ලංවූ විට ආණ්ඩුව නින්දෙන් ඇහැරුණාක් මෙන් මැතිවරණ ක්රමයේ දොස් සොයමින් මැතිවරණ කල් දැමීමේ කූට උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවලියක් නොවන බවත් එය සංකීර්ණ ක්‍රියාදාමයක් මෙන්ම කරනවානම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොපිළිගන්නා තත්වයකට පත්ව ඇති බවත් අංගසම්පූර්ණ නැතහොත් සර්ව සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් ලෝකයේ කොහෙවත් නොමැති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කීය.

