ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන බැහැ – නීතිපති

ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන බැහැ – නීතිපති

ආගම්වලට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සළසා දියි නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතායි මෙම දැනුම්දීම සිදුකළේ.

ඒ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කැදවු අවස්ථාවේදීයි.

පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පැවසුවේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවයි.

පෙත්සම ලබන 20වනදා යළි කැදවීමට නියෝග කෙරුණා.