ධනිෂ්ක ගුණතිලකට ඇමති රොෂාන්ගෙන් ලෙඩක්

ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද නිවේදනය කරනු ලැබුවා.
එම වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විරෝධය පළ කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා පේනවා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතිය නොදන්නා බවත්, ධනිෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින්, අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට පනවනු ලැබූ වාරණය ඉවත් කිරීම තනි තීරණයක් බවයි.
ඔස්ට්‍රේලියාවේදී කාන්තාවක අපයෝජනය කිරීමේ චෝදනාව ධනිෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කළේ ය.
ඒ සමඟ ඔහුට සියලු ආකාරයේ ක්‍රිකට් තරඟවලට ක්‍රීඩා කිරීම තහනම් කෙරිණ.
පසුගිය දා ඔස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණය තීරණය කළේ, ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනාවට වැරදිකරු නොවන බවයි.

