අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුවක්

අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්

*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම

*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.