ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන තීරණයක් ගනී

ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන තීරණයක් ගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.

එම කොමිසම ඊයේ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දැනුම්දී තිබුණා.

එම මුදල් සොයාගෙන තිබුණේ ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වනදා.