ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල බස්සයි

ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අඩු කර තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම භාණ්ඩවල මිල අඩු කර ඇති බවයි සතොස අලෙවි ප්‍රධානී සමන් කාරියවසම් මහතා පවසන්නේ.
ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 ඇසුරුමක් රුපියල් 35 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 650 ක්.
මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 20 ක් අඩු කර ඇති තර එහි නව මිල 1100 ක් .
හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මල රුපියල් 1090ක් වන අතර කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.
මේ අනුව කොත්තමල්ලි කිලෝග්‍රෑම් 1 ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 540 ක මිලකටයි.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක ඇසුරුමක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 545 ක් බවයි ලංකා සතොස දැනුම් දෙන්නේ.


