දුෂ්මන්ත සහ මැතිව්ස් ලෝක කුසලානයට

දුෂ්මන්ත සහ මැතිව්ස් ලෝක කුසලානයට

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර නම් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් අතර පැවැති විශේෂ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ තරඟ තුනකට (දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව) සහභාගි වූ අතර එම තරඟ තුනම පරාජය වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟය ඔක්තෝබර් 21 වනදා ලක්නව් හීදී නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි.