විදුලි ගාස්තු ඉහළට

මහජන උපයෝගීතා කොමිසම මඟින් අද(20) සිට විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
මෙම වසරේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන තුන්වන වාරය මෙයයි.
ඒ අනුව,
- බින්දුවේ සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක්ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළට
- 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180ක් දක්වා ඉහළට
- 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළට. ස්ථාවර ගාස්තුවද රුපියල් 300 සිට 360 ක් දක්වා ඉහළට
- 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක්ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළට
- රුපියල් 400 වූ ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් දක්වා ඉහළට
- 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59ක් දක්වා ඉහළට. එහි ස්ථාවර ගාස්තුව රුපියල් දහසේ සිට 1180 ක් දක්වා ඉහළදමා ඇත.
- 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුවද රුපියල් 59 ක් දක්වා ඉහළට. ඒ අනුව ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1,770 ක් දක්වා වැඩි වෙනවා.
- ඒකක 181න් ඉහළ විදුලි පරිභෝජනය කරන්නන් සඳහා ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව රුපියල් 89ක් දක්වා ඉහළට.එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට ඉහළ දමා ඇත්තේ රුපියල් 2,360 ක් ලෙසයි.

