අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක පස් කඳු කඩා වැටේ

අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක පස් කඳු කඩා වැටේ

හපුතලේ – සරුවට්ටි ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඒ අවට පදිංචි තවත් පවුල් 27 ක පිරිස් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම පවුල් හපුතලේ දෙමළ මධ්‍ය විද්‍යාලයේ ආපදා සහන මධ්‍යස්ථානයක රඳවා සිටින බවයි.

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබෙනවා.

මේ වන විට එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවෙනවා.

එම ස්ථාන නැරඹීමට යාමෙන් වලකින ලෙසත්, නැවත දැනුම් දෙන තුරු එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු නොකරන ලෙසත්, මෙම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.