ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රියංක සිල්වා වෙඩි තබාගෙන, සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.
දෙදරු පියෙකු වන ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

