ගෑස් මිලත් ඉහළ යාවි ද?

ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට යළි ගෑස් මිල ඉහළ යනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ලබන මස පස්වනදා සිට ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම් තීරණය තිබෙනවා.
ඒ අනුව රුපියල් 500 කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යනු ඇති.
පසුගිය 5 වනදා සිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමනු ලැබුවා.
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3,470ක මිලකටයි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1,393ක් ලෙස වන අතර, කිලෝගෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650 කට අලෙවි කරනු ලබයි.
ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවිවන්නේ රුපියල් 3,985ක් ලෙසටයි.

