මුදල් අමාත්‍යාංශයට බඳවාගැනීමේ පුළුල් වෙනසක්

මුදල් අමාත්‍යාංශයට බඳවාගැනීමේ පුළුල් වෙනසක්

මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා ඉදිරියේ දී බඳවාගැනීම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (21) දැරණියගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගියදා පැවති මුදල් පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.