මෙරට ලාදුරු රෝගීන් සිතියම් ගත කෙරේ

මෙරට ලාදුරු රෝගීන් සිතියම් ගත කෙරේ

මෙරට ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා සිතියම්ගත කිරීමක් සිදු කරන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ පසුගිය මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි.

හැඳල ප්‍රදේශයේ පිහිටි ජාතික ලාදුරු මර්දන රෝහලේ බාහිර රෝගී අංශයක් ස්ථාපිත කරන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් ප්‍රකාශ කළා.