හොරොයින් 200KG කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු දෙවුන්දරදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අංශය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබූ මෙම හොරොයින් තොගය අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ යාත්‍රාව දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පරික්ෂා කිරීමේදී සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් තොගය සොයා ගැනුණා.
යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනා ද අත්අඩංගුවට ගැනුනු අතර සොයාගත් මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000 කට අධික බවයි නාවික හමුදාව සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

